Ads

Ads

Friday, October 24, 2014

මාධ්‍යවේදිනියකටත් ලිංගික අතවර

මැලේසියාවේ සිට මෙරට සංචාරයකට පැමිණි අවිවාහක මාධ්‍යවේදිනියකට අනුරාධපුර පැරණි පූජා නගරයේදී බරපතල ලිංගික අතවරයක් සිදුකළ බවට හා ඊට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල තරුණයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු මේ මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අධීකරණයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළාය. එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ ලෝලුගස්වැව අනුරාධපුර ලිපිනයේ පදිංචි කේ.ඒ. ලසන්ත දුලාන් කුමාර යන සැකකරු ය.



රුපියල් ලක්ෂය මගින් වූ ශරීර ඇප මත මුදා හැරුනේ ලෝලුගස්වැව, අනුරාධපුර ලිපිනයේ පදිංචි ඒ. නිෂාන්ත ජනක කුරුප්පු, සංජය තුෂාර වික්‍රමසිංහාරච්චි සහ ඒ.ඒ.ඩී. අමල් මධුෂංක යන සැකකරුවන්ය. ඔවුන්ට මේ මස 24 වනදා නැවතත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළාය.


සිද්ධිය සම්බන්ධයෙන් අධීකරණයට කරුණු දැක්වූ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා කාන්තා කාර්යංශය කියා සිටියේ ප්‍රධාන සැකකරු පසුගිය 16 වනදා අනුරාධපුර පැරණි පූජා නගරයේ සංචාරයක නිරත වෙමින් සිටි අවිවාහක 25 හැවරිදි මැලේසියානු ජාතික මාධ්‍ය‍වේදිණියක් වන චුවි පොන් යන අයට බරපතල ලිංගික අතවරයක් සිදුකර පලාගොස් සිටියදී අනුරාධපුර සංචාරක පොලීසියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණු බවයි.

මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සෙසු සැකකරුවන් තිදෙනාද අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

(අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය)

පාසැල් දැරියක් බිරිඳ කරගෙන පවුල් කාලා

10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පාසැල් දැරියක් සමග විවාහක ජීවිතයක් ගත කිරීමට උත්සහ කල එක් දරු පියෙකු පිළිබද අපූරු පුවතක් සියඹලාන්ඩුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පාසැල් දැරියගේ දෙමාපියන් මේ වන විට වෙන්වී සිටින බැවින් මවත් වැඩිමහල් සහෝදරියන් දෙදෙනාත් සමගින් ඇය ජීවත්ව තිබෙනවා. ඔවුන්ට කුලී නිවසක අවශ්‍යතාවයක් ඇතිවූ විට මෙම පුද්ගලයා මැදිහත්ව කුලී නිවසක් සොයාදී තිබෙනවා.

එම හිතවත්කම මත එම නිවසට පැමිණි මෙම එක් දරු පියා දැරියව වරින් වර දැරියව අපයෝජනය කොට තිබෙනවා. දැරියගේ සහෝදරියන් දෙදෙනාම පෞද්ගලික ආයතනවල රැකියාවන්හී නියුතු නිසාවෙන් දහවල් කාලයේ නිවසේ කිසිවෙකු නොමැති බවයි පැවසෙන්නේ.


කල් යත්ම දැරිය පවසා ඇත්තේ තමන්ට එම නිවසේ විසිය නොහැකි බවයි. පසුව එම පුද්ගලයා දැරියව මහකළුගොල්ල ප‍්‍රදේශයේ නිවසක දැරිය සමග කල් ගත කොට ඇත්තේ ඇයව තමන්ගේ බිරිද බව නිවස හිමිකරුවන්ට හදුන්වා දෙමින් ඔවුන් එතනින් තවත් තැනෙක පදිංචියට ගොස් ඇති අතර එහිදීද ඇයව හදුන්වා දී ඇත්තේ පෙර පරිදි තම බිරිද ලෙසයි.

එහිදී ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම එක්දරු පියා මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොල්ලූ‍පිටිය සුපිරි ගණිකාවන් ගැන නවතම හෙළිදරව්වක්!

පසුගිය දිනෙක පානදුර වලාන දුෂණ මර්දන ඒකකය විසින් සිදුකල වැටලීමකදී කොළඹ කොල්ලූ‍පිටියේ සුපිරි ගණිකා නිවාසයක් හසුකරගැනීමට හැකිවුනා.

කොල්ලූ‍පිටියේ ජුලියානා හෝටලයේ තුන්වැනි මහලේ පවත්වාගෙන ගිය මෙම සුපිරි ගණිකා නිවාසයේ සේවය කල තායි කාන්තාවන්ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකිවුනා.

කෙසේ නමුත් මේවන විට වාර්තාවන්නේ එහි සේවය කල තායි කාන්තාවන් සේවයේ යොදවා ඇත්තේ මාස තුනක වැටුප් රහිත පුහුණු කාලසීමාවක් යටතේ බවයි. මේ පිළිබඳ අනාවරණය වී ඇත්තේ පොලිස් පරීක්ෂණ තුලින්ය. වැඩිදුරටත් අනාවරණය වී ඇති තොරතුරු අනුව අදාල කාන්තාවන් පුහුණු කාලසීමාවෙන් පසුව රුපියල් 5000ක වැටුපක් ලබමින් සේවය කර ඇත.



මෙම තායි කාන්තාවන් සංචාරක වීසා ලබාගෙන  ලංකාවට පැමිණ මේ ආකාරයෙන් සේවය නිරතවීම ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමක් නිසා එම වරද සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ පැවැත්වේ. එමෙන්ම අදාල කාන්තාවන් විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධ වී ඇති නිසා ඔවුන්ට සමාජ රෝග වැළදී ඇත්දැයි මේ වන විට සැක මතුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

එම නිසාම ඔවුන්ට සමාජ රෝග වැළදී ඇද්ද යන වග තීරණය කිරීමට අධිකරණයේ අවසර මත වාර්තා කැඳවීමට පොලිසිය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.


මේ වන විට පොලිස් නිළධාරීන් සොයාගෙන ඇති ජංගම දුරකථන අංකයක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන අතර එම අංකය හිමි පුද්ගලයා මෙම ගණිකා නිවාසය පාලනය කර ඇති අයෙක් බවට මේ වන විට අනාවරණය වී ඇත.

80වියැති මවට බරපතළ ලෙස ලිංගික අතවර කරලා

අසූ වියෑති මවකට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුකොට ඇගේ කරාබු දෙක කොල්ලකෑමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පුලස්‌තිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව් දෙනා මෙම මස 29 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට පොළොන්නරුව මහෙස්‌ත‍්‍රාත් නුවන් තාරක හීනටිගල මහතා 22 දා නියෝග කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ තල්පොත පොළොන්නරුව ලිපිනයේ පදිංචි කේ. ජී. ඉන්දික ලක්‌මාල්, කේ. ජී. ශාන්ත කුමාර, යූ. ආර්. කැලූම් ගුණතිලක හා එස්‌. වී. ජානක කුමාර යන සිව්දෙනායි.



මින් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ තල්පොත ප‍්‍රදේශයේදී වන අතර ප‍්‍රධාන සැකකරු සිද්ධියෙන් පසු පලාගොස්‌ කොළඹ මැනිං මාර්කට්‌හි සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත.

අතුල සූරියබණ්‌ඩාර, කරුණාරත්න ගමගේ

බිරින්දෑවරුන් පස්‌දෙනකුගේ නඩත්තුවට ගෙවල් 90 ක්‌ බින්ද හොරෙක් දැළේ

සැකකරු එම නිවසින් පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයට පැනගොස්‌ ඇති අතර, මනිපායි පොලිසිය සැකකරු සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසියට කළ දැනුම්දීමක්‌ මත මනිපායි සහ පුදුකුඩිඉරිප්පු යන පොලිසි ඒකාබද්ධව කළ මෙහෙයුමකදී සැකකරු පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ එක්‌ බිරියකගේ බිරින්දෑවරුන් පස්‌දෙනකු නඩත්තු කිරීම සඳහා යාපනය සහ ඒ අවට ප්‍රදේශවල නිවාස 90 ක්‌ බිඳ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් දේපළ සොරාගත් පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගත් බව මනිපායි පොලිසිය පවසයි.

සැකකරු අදාළ නිවෙස්‌ බිඳ සොරාගත් රන් පවුම් 81 ක්‌, වතුර මෝටර් 35 ක්‌, විදුලි උපකරණ, පාපැදි ඇතුළු තවත් භාණ්‌ඩ රැසක්‌ මේ වන විට සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

මනිපායි ප්‍රදේශයේ නිවාස රැසක්‌ බිඳීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පරීක්‍ෂණ පැවැත්වීමේදී මෙම සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, මොහුට අයත් මනිපායි නවාලි දකුණ ප්‍රදේශයේ නිවස පරීක්‍ෂා කිරීමේදී නිවසේ තිබී රන්භාණ්‌ඩ උකස්‌ කළ රිසිට්‌ පත් රැසක්‌ පොලිසිය සොයාගෙන ඇත.



ඒ අනුව මොහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී සැකකරු එම නිවසින් පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයට පැනගොස්‌ ඇති අතර, මනිපායි පොලිසිය සැකකරු සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසියට කළ දැනුම්දීමක්‌ මත මනිපායි සහ පුදුකුඩිඉරිප්පු යන පොලිසි ඒකාබද්ධව කළ මෙහෙයුමකදී සැකකරු පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ එක්‌ බිරියකගේ නිවසක සිටියදී කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් කරන ලද නිවෙස්‌ බිඳීම් 90 ක පිළිබඳ තොරතුරු හෙළිකර ගෙන ඇති අතර ඉන් සිද්ධි 60 ක්‌ පිළිබඳ පැමිණිලි පොලිසි වෙත ලැබී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.


මනිපායි පදිංචි 36 හැවිරිදි සැකකරු විවාහ පහක්‌ සිදුකරගෙන ඇති බවත්, බිරියන් පස්‌දෙනා නඩත්තු කිරීම සඳහා නිවෙස්‌ බිඳ ඇති බවත් පොලිසිය පවසයි.

රැඳවුම් නියෝග මත සැකකරු තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි.

මේ පිළිබඳව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌පති පූජිත ජයසුන්දර, යාපනය නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මනිපායි පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රොහාන් මහේෂ් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන් ප්‍රභාත් (45674), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන රණසිංහ (12886), ගුණසේන (46708) සිල්වා (47958) සිසිර (51583) විපුල (55795) ගීත් (63357) අමිල (79929) නිෂාම් (41803) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.