Ads

Ads

Friday, October 24, 2014

80වියැති මවට බරපතළ ලෙස ලිංගික අතවර කරලා

අසූ වියෑති මවකට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුකොට ඇගේ කරාබු දෙක කොල්ලකෑමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පුලස්‌තිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව් දෙනා මෙම මස 29 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට පොළොන්නරුව මහෙස්‌ත‍්‍රාත් නුවන් තාරක හීනටිගල මහතා 22 දා නියෝග කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ තල්පොත පොළොන්නරුව ලිපිනයේ පදිංචි කේ. ජී. ඉන්දික ලක්‌මාල්, කේ. ජී. ශාන්ත කුමාර, යූ. ආර්. කැලූම් ගුණතිලක හා එස්‌. වී. ජානක කුමාර යන සිව්දෙනායි.



මින් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ තල්පොත ප‍්‍රදේශයේදී වන අතර ප‍්‍රධාන සැකකරු සිද්ධියෙන් පසු පලාගොස්‌ කොළඹ මැනිං මාර්කට්‌හි සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත.

අතුල සූරියබණ්‌ඩාර, කරුණාරත්න ගමගේ

No comments:

Post a Comment