ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාර මහත්මිය විසින් වරායට සිදුකරන ලද බත් පැකට් සැපයුම හිටි හැටියේ නතර කිරීම සම්බන්ධයෙන් ඇය කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.
සුධර්මාගේ බත් පැකට් සැපයුම අත්හිටුවා ඇත්තේ අමාත්‍යවරයකුගේ පෙම්වතියකගේ බල පෑමෙන් බවද වාර්තා වේ. මේ පෙම්වතිය සංස්කෘතික අමාත්‍යංශයේ ඉහල නිලයක් දරන්නියක් බවද පැවසේ. ඇයට අදාල බත්පැකට් සැපයුම ලබාදී තිබුණේ වාරයේ අධ්‍යක්ෂවරයකු වන විමලේ නම් අයගේ මැදිහත්වීමෙනි.
වරකට බත් පැකට් 250 බැගින් දිනකට වාර තුනකදී බත් පැකට් 750ක් සුධර්මා විසින් වරායට සපයා ඇති බවද පැවසේ. ඇය බත් පැකට් එකක් රුපියල් 100ක මුදලට වරායට ලබා දී ඇති අතර එම බත්පැකට් වරායේ සේවකයන්ට ලැබී ඇත්තේ රුපියල් 120 කට බවද පැවසේ.