Ads

Ads

Friday, October 24, 2014

පාසැල් දැරියක් බිරිඳ කරගෙන පවුල් කාලා

10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පාසැල් දැරියක් සමග විවාහක ජීවිතයක් ගත කිරීමට උත්සහ කල එක් දරු පියෙකු පිළිබද අපූරු පුවතක් සියඹලාන්ඩුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පාසැල් දැරියගේ දෙමාපියන් මේ වන විට වෙන්වී සිටින බැවින් මවත් වැඩිමහල් සහෝදරියන් දෙදෙනාත් සමගින් ඇය ජීවත්ව තිබෙනවා. ඔවුන්ට කුලී නිවසක අවශ්‍යතාවයක් ඇතිවූ විට මෙම පුද්ගලයා මැදිහත්ව කුලී නිවසක් සොයාදී තිබෙනවා.

එම හිතවත්කම මත එම නිවසට පැමිණි මෙම එක් දරු පියා දැරියව වරින් වර දැරියව අපයෝජනය කොට තිබෙනවා. දැරියගේ සහෝදරියන් දෙදෙනාම පෞද්ගලික ආයතනවල රැකියාවන්හී නියුතු නිසාවෙන් දහවල් කාලයේ නිවසේ කිසිවෙකු නොමැති බවයි පැවසෙන්නේ.


කල් යත්ම දැරිය පවසා ඇත්තේ තමන්ට එම නිවසේ විසිය නොහැකි බවයි. පසුව එම පුද්ගලයා දැරියව මහකළුගොල්ල ප‍්‍රදේශයේ නිවසක දැරිය සමග කල් ගත කොට ඇත්තේ ඇයව තමන්ගේ බිරිද බව නිවස හිමිකරුවන්ට හදුන්වා දෙමින් ඔවුන් එතනින් තවත් තැනෙක පදිංචියට ගොස් ඇති අතර එහිදීද ඇයව හදුන්වා දී ඇත්තේ පෙර පරිදි තම බිරිද ලෙසයි.

එහිදී ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම එක්දරු පියා මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment