Ads

Ads

Sunday, July 5, 2015

ඡන්දෙට කලින්ම මර්වින් ගෙදර මොන පිලකින්වත් නාමයෝජනා නෑ

ඉදිරි මහ මැතිවරණයේදී හිටපු පර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන් කිහිප දෙනෙකුට සන්ධානයෙටන් නාම යෝජනා නොලැබෙනු ඇතැයි වාර්තා වෙයි.

මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන යන පිරිස ඒ අතර වන බව සඳහන්ය. මේ අතර බැසිල් රාජපක්‍ෂ මහතා සහ චමල් රාජපක්‍ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයිද ආරං මාර්ග සඳහන් කරයි.

මහින්දට සන්ධානයෙන් නාමයෝජනා මෛත‍්‍රීගෙන් ලිඛිත පොරොන්දුවක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලිඛිත අනුමැතියක් දී ඇතැයි වර්තා වේ.


අප ශ‍්‍රී ලංකා මිරර් කළ විමසීමකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව තහවුරු කළේය.

අද පස්වරු 4.00ට නාරාහෙන්පිට අභයාරාමයේ පැවැත්වෙන සන්ධාන පක්ෂනායක රැුස්වීමේදී මේ බව ප‍්‍රකාශ කිරීමට නියමිත බවද වාර්තා වේ.

මේ වන විට මෙම පුවත සනාථ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එහි ප‍්‍රධාන ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් ද නිකුත් කර තිබේ.


සුධර්මාගේ කෑම ඕඩරේ ඇමති පෙම්වතිය නවත්තලා

ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාර මහත්මිය විසින් වරායට සිදුකරන ලද බත් පැකට් සැපයුම හිටි හැටියේ නතර කිරීම සම්බන්ධයෙන් ඇය කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.

 සුධර්මාගේ බත් පැකට් සැපයුම අත්හිටුවා ඇත්තේ අමාත්‍යවරයකුගේ පෙම්වතියකගේ බල පෑමෙන් බවද වාර්තා වේ. මේ පෙම්වතිය සංස්කෘතික අමාත්‍යංශයේ ඉහල නිලයක් දරන්නියක් බවද පැවසේ. ඇයට අදාල බත්පැකට් සැපයුම ලබාදී තිබුණේ වාරයේ අධ්‍යක්ෂවරයකු වන විමලේ නම් අයගේ මැදිහත්වීමෙනි.

වරකට බත් පැකට් 250 බැගින් දිනකට වාර තුනකදී බත් පැකට් 750ක් සුධර්මා විසින් වරායට සපයා ඇති බවද පැවසේ. ඇය බත් පැකට් එකක් රුපියල් 100ක මුදලට වරායට ලබා දී ඇති අතර එම බත්පැකට් වරායේ සේවකයන්ට ලැබී ඇත්තේ රුපියල් 120 කට බවද පැවසේ.



සරලව ජීවත් වන ජනපතිගේ ආරක්‍ෂාවට BMW බයික් 50ක්

සරලව ජීවත් වන ජනපතිගේ ආරක්‍ෂාවට BMW බයික් 50ක් ගෙනේ

ජනාධිපතිවරයාගේ ආරජෂාව වෙනුවෙන් 1200 එන්ජින් ධාරිතාවයෙන් යුතු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ යතුරු පැදි 50ක් ගෙනැවිත් ඇතැයි වාර්තාවේ. ඒවායේ දැක්වෙන ආකාරයට ඉන් එකක බදු රහිත මිල රුපියල් ලක්‍ෂ 25කට වැඩිය.


Thursday, February 19, 2015

මොහුව හදුනනවාද ?


ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සිය දියණිය අපහරණයට ලක් කිරීම සම්බන්ධයෙන් ඉහත ජායාරූප වල සිටින  සනත් වසන්ත නමැති පුද්ගලයාට විරුද්ධව කොලබ විශේෂ අපරාධ පොලිස් ඒකකයට තරුණියගේ පියාගෙන්  ලැබුණු පැමිණිල්ලක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භකොට ඇත.

සිය 18 හැවිරිදි දියණිය ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ රවටාගෙන අදාළ පුද්ගලයා සිදුකල මෙම ක්‍රියාව පිලිබදව දෙහිවල පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතනක විධායක අධ්‍යක්ෂක තනතුර දරණ පියා විසින් මෙලෙස කරුණු හෙළි කළා.

''මේ සනත් වසන්ත කියන පුද්ගලයා ෆේස්බුක් ඔස්සේ මගේ දුව හදුනාගෙන තිබෙනවා.ඔහු විසින් දිගින් දිගටම මගේ දුවට පණිවිඩ එවමින් කරදර කරලා.පස්සේ ඔහු මගේ දුවට විවාහා යෝජනාවක්ද කරමින් දුවව රවටගෙන තිබෙනවා,ඔහු සතුව නිට්ටබුව ප්‍රදේශයේ ලී බඩු කඩයක් තිබෙන බවටත් ඇයද එහි රැගෙන යන බවටත් පොරොන්දු වී තිබෙනවා.දිගින් දිගටම දිවා රෑ මොහු මැසේජ් කොට තිබෙනවා.
පසුව මේ පුද්ගලයා මගේ දුවව රවටගෙන ඔහුගේ නිරුවත් ජායාරූප පවා දුවට එවලා.ඒවා මා සතුව තිබෙනවා.ඔහු දුවව හමුවෙන්නත් දිනයක් යොදාගෙන.ඉක්මනින් දුවව විවහා කරගන්නවා කියලත් කියලා.කෙසේ හෝ මේ කාරණය හෙළි වීමත් සමග ඔහුට දුවව හමුවෙන්න බැරි වෙලා.නමුත් මගේ දරුවා බේරුනාට තවත් මෙවැනි අහිංසක දරුවෝ කොයිතරම් මේ පුද්ගලයට අහුවෙනවා ඇත්ද?  ඒ නිසා තමයි මං මේ පිළිබද පොලිසියට පැමිණිලි කලේ,තවත් දරුවෙක් අසරණ වෙන්න කලින් මේ පුද්ගලයා සම්බන්ධව නිතිය ක්‍රියාත්මක කර යුතුයි.''

   
මේ පිළිබද පරීක්ෂණ පවත්වන කොලබ විශේෂ අපරාධ කොට්ඨාශය දැනටමත් මොහුව අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරමින් පවතින අතර අන්තර්ජාලය ඔස්සේ තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන වසර 8කට නොඅඩු සිරදඩුවමක් ලබා දීමට කටයුතු කරන බව අපරාධ කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් ආධිකාරි එම්.කේ ජයසිංහ මහතා පැවසුවා.

මොහු නමින් ''කටුදෙනි විදානලාගේ සනත් වසන්ත බණ්ඩාර'' ලෙස හැදින්වෙන අතර වයස අවූරුදු 25ක් වනබවත් මොහුගේ නිවස අනුරාධපුර ප්‍රදේශයේ වන අතරම මේ වනටිට ඔහු මාලබේ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් පොලිසිය අනාවරණය කොටගෙන තිබෙනවා.
එමනිසා කොලබ විශේෂ අපරාධ කොට්ඨාශය මේ පිළිබද ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන වන අතුරුගිරිය සහ තලංගම පොලිස් ස්ථාන වෙත මොහු ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙස නියෝග කොට තිබේ.

අතුරුගිරිය-තලංගම පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකයේ සහකාර පොලිස් පරීක්ෂක එස්.ජේ පලිහක්කාර මහතා මේ පිළිබදව කටයුතු සිදුකරන අතර හැකි එක්මනින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය භාරදීමට කටයුතු කරන බවට ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම මොහු ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සදහා ජායාරූප වල සිටින සැකකරු පිළිබඳව තොරතුරු ඔබ දන්නේ නම් 011-2422176 හා  011-2326979 යන දුරකතන අංකවලට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටිනවා.

-නලින් සමරසිංහ - නෙත්fm-

දන්නවානම් පොලීසියට කියන්න

අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන්ට ලිංගික අතවර සිදු කිරිමක් සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නැමැති සැකකරු ඔහු පදිංචි වී සිටින ස්ථානයෙන් පළාගොස් සැගවී සිටින බව පොලීසිය කියයි.

අංක 161 / 12, පන්සල වත්ත, කළුගල්පිටිය, සපි‍්‍රන්වැලි පාර, බදුල්ල යන ලිපිනයේ ඔහු පදිංචි සිට ඇත. 

සැකකරු පිළිබඳව තොරතුරක් වෙතෙත් 011-2422176 හා  011-2326979 යන දුරකතන අංකවලට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලයි

සිරීපාදේ ලැගුම් හලක සිට පොලිසියට කොටුවුණු තරුණිය හා තරුණයන් පස්දෙනා



ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසමින් හැටන් නගරයට පැමිණි කාන්තාවක් ඇතුලු තරුණයන් පස්දෙනෙකු හැටන් නගරයේ අවන්හලක බීමත්ව අශෝභන ලෙස හැසිරෙන බවට හැටන් පොලීසියට ලද තොරතුරක් මත එම කාන්තාව සහ තරුණයන් පස්දෙනාව හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මොරටුව අගුලාන ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස කොළඹ කොටුවේ සිට උඩරට මැණිකේ දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ පැය දෙකකට ආසන්න කාලයක්
මෙම අවන්හලේ බීමත්ව සිටි බවයි හැටන් පොලීසිය පවසන්නේ. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සිද්ධිය සමතයකට පත්කර දෙන ලෙස එම වැටලීමට ගිය පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිඛෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පිරිස වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත්කර 11 පස්වරුවේ හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවයි හැටන් පොලීසිය පවසන්නේ. ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන විට පූජනීය ස්ථානයක් ලෙස සලකා ශ්‍රීපාදය කරුණා කරන ලෙසත් මත්පැන් රැගෙන නොයන ලෙසත් බීමත්ව ශ්‍රීපාදයට නොපැමිණෙන ලෙසත් හැටන් පොලීසිය මගින් ජනතාව දැණුවත්කර තිඛෙනවා.

මෙවැනි අශෝභන ලෙස ශ්‍රීපාදය කරුණා කිරීමට පැමිණෙන පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි හැටන් පොලීසිය වැඩි දුරටත් පවසන්නේ.