Ads

Ads

Friday, October 24, 2014

බිරින්දෑවරුන් පස්‌දෙනකුගේ නඩත්තුවට ගෙවල් 90 ක්‌ බින්ද හොරෙක් දැළේ

සැකකරු එම නිවසින් පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයට පැනගොස්‌ ඇති අතර, මනිපායි පොලිසිය සැකකරු සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසියට කළ දැනුම්දීමක්‌ මත මනිපායි සහ පුදුකුඩිඉරිප්පු යන පොලිසි ඒකාබද්ධව කළ මෙහෙයුමකදී සැකකරු පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ එක්‌ බිරියකගේ බිරින්දෑවරුන් පස්‌දෙනකු නඩත්තු කිරීම සඳහා යාපනය සහ ඒ අවට ප්‍රදේශවල නිවාස 90 ක්‌ බිඳ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් දේපළ සොරාගත් පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගත් බව මනිපායි පොලිසිය පවසයි.

සැකකරු අදාළ නිවෙස්‌ බිඳ සොරාගත් රන් පවුම් 81 ක්‌, වතුර මෝටර් 35 ක්‌, විදුලි උපකරණ, පාපැදි ඇතුළු තවත් භාණ්‌ඩ රැසක්‌ මේ වන විට සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

මනිපායි ප්‍රදේශයේ නිවාස රැසක්‌ බිඳීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පරීක්‍ෂණ පැවැත්වීමේදී මෙම සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, මොහුට අයත් මනිපායි නවාලි දකුණ ප්‍රදේශයේ නිවස පරීක්‍ෂා කිරීමේදී නිවසේ තිබී රන්භාණ්‌ඩ උකස්‌ කළ රිසිට්‌ පත් රැසක්‌ පොලිසිය සොයාගෙන ඇත.



ඒ අනුව මොහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී සැකකරු එම නිවසින් පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයට පැනගොස්‌ ඇති අතර, මනිපායි පොලිසිය සැකකරු සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසියට කළ දැනුම්දීමක්‌ මත මනිපායි සහ පුදුකුඩිඉරිප්පු යන පොලිසි ඒකාබද්ධව කළ මෙහෙයුමකදී සැකකරු පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ එක්‌ බිරියකගේ නිවසක සිටියදී කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් කරන ලද නිවෙස්‌ බිඳීම් 90 ක පිළිබඳ තොරතුරු හෙළිකර ගෙන ඇති අතර ඉන් සිද්ධි 60 ක්‌ පිළිබඳ පැමිණිලි පොලිසි වෙත ලැබී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.


මනිපායි පදිංචි 36 හැවිරිදි සැකකරු විවාහ පහක්‌ සිදුකරගෙන ඇති බවත්, බිරියන් පස්‌දෙනා නඩත්තු කිරීම සඳහා නිවෙස්‌ බිඳ ඇති බවත් පොලිසිය පවසයි.

රැඳවුම් නියෝග මත සැකකරු තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි.

මේ පිළිබඳව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌පති පූජිත ජයසුන්දර, යාපනය නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මනිපායි පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රොහාන් මහේෂ් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන් ප්‍රභාත් (45674), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන රණසිංහ (12886), ගුණසේන (46708) සිල්වා (47958) සිසිර (51583) විපුල (55795) ගීත් (63357) අමිල (79929) නිෂාම් (41803) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

No comments:

Post a Comment