කොල්ලූපිටියේ ජුලියානා හෝටලයේ තුන්වැනි මහලේ පවත්වාගෙන ගිය මෙම සුපිරි ගණිකා නිවාසයේ සේවය කල තායි කාන්තාවන්ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකිවුනා.
කෙසේ නමුත් මේවන විට වාර්තාවන්නේ එහි සේවය කල තායි කාන්තාවන් සේවයේ යොදවා ඇත්තේ මාස තුනක වැටුප් රහිත පුහුණු කාලසීමාවක් යටතේ බවයි. මේ පිළිබඳ අනාවරණය වී ඇත්තේ පොලිස් පරීක්ෂණ තුලින්ය. වැඩිදුරටත් අනාවරණය වී ඇති තොරතුරු අනුව අදාල කාන්තාවන් පුහුණු කාලසීමාවෙන් පසුව රුපියල් 5000ක වැටුපක් ලබමින් සේවය කර ඇත.
මෙම තායි කාන්තාවන් සංචාරක වීසා ලබාගෙන ලංකාවට පැමිණ මේ ආකාරයෙන් සේවය නිරතවීම ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමක් නිසා එම වරද සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ පැවැත්වේ. එමෙන්ම අදාල කාන්තාවන් විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධ වී ඇති නිසා ඔවුන්ට සමාජ රෝග වැළදී ඇත්දැයි මේ වන විට සැක මතුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
එම නිසාම ඔවුන්ට සමාජ රෝග වැළදී ඇද්ද යන වග තීරණය කිරීමට අධිකරණයේ අවසර මත වාර්තා කැඳවීමට පොලිසිය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
මේ වන විට පොලිස් නිළධාරීන් සොයාගෙන ඇති ජංගම දුරකථන අංකයක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන අතර එම අංකය හිමි පුද්ගලයා මෙම ගණිකා නිවාසය පාලනය කර ඇති අයෙක් බවට මේ වන විට අනාවරණය වී ඇත.

No comments:
Post a Comment