Ads
Thursday, February 19, 2015
සිරීපාදේ ලැගුම් හලක සිට පොලිසියට කොටුවුණු තරුණිය හා තරුණයන් පස්දෙනා
ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසමින් හැටන් නගරයට පැමිණි කාන්තාවක් ඇතුලු තරුණයන් පස්දෙනෙකු හැටන් නගරයේ අවන්හලක බීමත්ව අශෝභන ලෙස හැසිරෙන බවට හැටන් පොලීසියට ලද තොරතුරක් මත එම කාන්තාව සහ තරුණයන් පස්දෙනාව හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
මොරටුව අගුලාන ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස කොළඹ කොටුවේ සිට උඩරට මැණිකේ දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ පැය දෙකකට ආසන්න කාලයක්
මෙම අවන්හලේ බීමත්ව සිටි බවයි හැටන් පොලීසිය පවසන්නේ. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සිද්ධිය සමතයකට පත්කර දෙන ලෙස එම වැටලීමට ගිය පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිඛෙනවා.
අත්අඩංගුවට ගත් මෙම පිරිස වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත්කර 11 පස්වරුවේ හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවයි හැටන් පොලීසිය පවසන්නේ. ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන විට පූජනීය ස්ථානයක් ලෙස සලකා ශ්‍රීපාදය කරුණා කරන ලෙසත් මත්පැන් රැගෙන නොයන ලෙසත් බීමත්ව ශ්‍රීපාදයට නොපැමිණෙන ලෙසත් හැටන් පොලීසිය මගින් ජනතාව දැණුවත්කර තිඛෙනවා.
මෙවැනි අශෝභන ලෙස ශ්‍රීපාදය කරුණා කිරීමට පැමිණෙන පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි හැටන් පොලීසිය වැඩි දුරටත් පවසන්නේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment